ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු අද...

අභාවප්‍රාප්ත ප්‍රියංකර පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද...

by Staff writer 03-09-2026 | 8:14 AM

COLOMBO (News 1st) - ප්‍රවීණ ගායන හා රංගන ශීල්පී අභාවප්‍රාප්ත ප්‍රියංකර පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදු කෙරේ.

කලක් රෝගාතුව සිටි ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 64 කි.

අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය අද පස්වරු 5 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබේ.