.webp)

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතරයි.
මෙරට ජනතාවට අඛණ්ඩව හා කාර්යක්ෂමව අවශ්‍ය ඖෂධ සැපයීම තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
එම හවුල්කාරීත්වය යටතේ, මෙරට පවතින ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේද ඔස්සේ සපයා ගැනීමට අපහසු, අත්‍යවශ්‍ය ඖෂධ ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා ලබාගැනීමට පහසුකම් සලසා දීම සිදුවනු ඇති.
එමෙන්ම ඖෂධ ප්‍රසම්පාදන සහ සැපයුම් දාම පාලනය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් එමඟින් දායකත්වය සැලසේ.
අදාළ අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව අත්සන් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරේ.
