ශ්‍රී මහා බෝධිය ආශ්‍රිත පුද පූජා ගැන යෝජනාවක්.

ශ්‍රී මහා බෝධිය ආශ්‍රිත පුද පූජා ලෝක අස්පෘෂ්‍ය උරුමයක් ලෙස නම් කිරීමට යුනේස්කෝ සංවිධානයට යෝජනා..

by Staff writer 02-09-2026 | 11:24 AM

COLOMBO (news1st) - ශ්‍රී මහා බෝධිය ආශ්‍රිත පුද පූජා ලෝක අස්පෘෂ්‍ය සංස්කෘතික උරුමයක් ලෙස නම් කිරීම සඳහා යුනේස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කර තිබේ

ශ්‍රී ලංකා ජාතික යුනෙස්කෝ කොමිෂන් සභාවේ මහ ලේකම් මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ පැවසුවේ එම යෝජනාව ඉදිරියේදී යුනෙස්කෝ ලෝක උරුම කමිටුව විසින් සලකා බලනු ඇති බවයි.

දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී සංඝමිත්තා මෙහෙණිය විසින් මෙරටට වැඩම කරවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මහමෙව්නා උයනේ රෝපණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා විවිධ පුද පූජාවන් පැවැත්විය.

ඒ සංඝමිත්තා තෙරණිය කැටුව පැමිණි දහ අට කුලයක පිරිසක් විසින් ශ්‍රි මහා බෝධීන් වහන්සේට එලෙස විවිධ වත් පිළිවෙත් කළ අතර පරම්පාරගතව පැවත එන එම පිරිස අදටත්  එම පුද සත්කාර සිදු කරනු ලබයි.

මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ සඳහන් කළේ එම සුවිශේෂී අස්පෘශ්‍ය  උරුමය යුනෙස්කෝ සංවිධානය වෙත ලෝක අස්පෘෂ්‍ය  උරුමයක් ලෙස නම් කරන ලෙස යෝජනා කර ඇති බවයි.