.webp)
-622970.jpg)
මෙම පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඊයේ(31) පස්වරුවේ පත් කෙරුණි.
විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේනයි.
අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් එහි සෙසු සාමාජිකයින් ය.
22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමේ කාලය ඊයේ දිනයෙන් අවසන් වූ අතර ඉදිරිපත් වී ඇති පෙත්සම් ගණන 50 කට අධිකයි.
