හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක සිරදඬුවම්

හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක සිරදඬුවම්

by Staff writer 01-09-2026 | 1:42 PM

COLOMBO(news1st) - හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 07ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර තිබේ.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවක් අද(01) කැඳවූ අවස්ථාවේදීයි.

2014 වසරේදී ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, ශ්‍රී ලංකන් කේටරින් සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ 30,000 ක මුදලක් මාරවිල හෝටලයකට ගෙවන ලෙස එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට බලපෑම් කරමින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් එම නඩුව පවරා තිබුණි.

පලමු චෝදනාව යටතේ වසර 7ක සිරඳඩුවම් සහ දෙවනි චෝදනාව යටතේත් තවත් වසර හතක සිරදඩුවම් නියම විය.

ඒ අනුව වසර 14ක් වූ සිර දඩුවම  වසර 07කින් එකවර ගෙවි යන ලෙස පැනවීමට අධිකරණය නියෝග කළේ ය.

මේ අතර පියංකර ජයරත්නට රුපියල් ලක්ෂ 2 ක දඩයක්ද නියම කර තිබේ.