.webp)
 (4)-622897.jpg)
ඒ, අල්ලස් කොමිසම පසුගියදා කර තිබූ කැඳවීමට අනුවයි.
මීට පෙර අවස්ථා හතරකදී අල්ලස් කොමිසම හමුවට පැමිණෙන්නැයි දැනුම් දුන්න ද, ඔහු එහි නොපැමිණියේ ය.
රවී කරුණානායකට එම කැඳවීම කර ඇත්තේ, ජාතික ලොතරැයි මණ්ඩලයට, අනුමත ක්රමවේදයෙන් පරිබාහිරව නිලධාරීන් පස් දෙනෙකු කොන්ත්රාත් පදනම මත බඳවාගෙන සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළවයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් පෙරේදා (29), බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි ඔහුගේ නිවසට ගොස් සොයා බැලූ අතර ඔහු නිවසේ සිටියේ නැත.
