පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළට

පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළට

by Staff writer 31-08-2026 | 6:00 PM

COLOMBO(News1st) - ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ.ජයවර්ධන ඒ බව සඳහන් කලේ, අද පැවති මාධ්‍ය හමුවකදියි.

පාරිභෝගිකයින් අපහසුතාවයට පත් නොවන ලෙස , සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමන ලෙස බේකරි හිමියන්ට දැනුම් දී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පසුගියදා තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සමගාමීව පාන් මිල ඉහළ දමා තිබේ.