.webp)

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කෝෂි, බග්මති , ගන්දකි ,කර්නාලි පළාත්වල කඳුකර ප්‍රදේශවලටත් ලුම්බිනි සහ ටෙරායි ප්‍රදේශවල එම අධික වර්ෂා තත්ත්වය ඇති විය හැකි බවයි.
ආපදාවයන්ට ලක්වූ රසුවා ප්‍රදේශයේ බොහෝ ස්ථානවලට ද ඊයේ මධ්‍යස්ථ වර්ෂාවක් පතිත වී තිබේ.
වැසි ඇතිවිය හැකි බවට සිදු කළ පුරෝකථනය අනුව ගලවා ගැනීමේ සහ සහන කටයුතුවලට බාධාවක් එල්ල වන බව එරට විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ ය.
මේ අතර, නේපාලය සහ ටිබෙටය ආශ්‍රිතව නිර්මාණය වූ තාවකාලික විල සම්බන්ධයෙන් නැවත වරක් චීනය අනතුරු අඟවා තිබේ.
චීනය ප්‍රකාශ කළේ, ඉදිරියේදී ඇතිවිය හැකි වර්ශාවත් සමඟ එම විල කැඩියාමේ අවදානමක් සහ එමගින් නේපාලයේ පහළ ප්‍රදේශවලට නැවත් වරක් ගංවතුර අවදානමක් ඇති වීමට බොහෝ ඉඩකඩ ඇති බවයි.
මේ අතර, නේපාලයේ ඇතිවු හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 675 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අතුරුදන්ව ඇති සංඛ්‍යාව 2498 කට අධිකයි.
