.webp)
-622708.jpg)
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, චීනයෙන් ආනයනය කළ එම රේල් පීලි තොගය අද(28) වරායෙන් නිදහස් කිරීම සිදු කෙරෙන බවයි.
එම රේල් පීලි 10,000න් 5,000කට ආසන්න ප්‍රමාණයක්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වේග සීමා පනවා ඇති ස්ථානවල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතයි.
ඒ අනුව, කොළඹ කොටුව සිට පානදුර දක්වා ස්ථාන 50කට ආසන්න සංඛ්‍යාවක නව රේල් පීලි යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමටද සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දුම්රිය පාලම් ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමටද අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
එම කටයුතු සඳහා මාස 06ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අදාළ රේල් පීලි මිලදී ගැනීම සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 2,000කට ආසන්නයි.
එම කටයුතු අවසන් වීමත් සමඟ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
