.webp)
-622732.jpg)
ඒ , මහනුවර ජනාධිපති මන්දිරයේදී.
ඒ සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, බස්නායක නිලමේවරුන් ඇතුළු පිටිසර බද දේවාලවල නිළමේවරුන් ඇතුළු පිරිස පෙරහැරින් මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණීයා.
ජනාධිපතිවරයා සන්දේශය භාර ගැනීමෙන් අනතුරුව මෙවර පෙරහැර මංගල්‍යයට සහභාගී වූ කලාකරුවන් ඇගයීම සිදු කෙරුණා.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දිය කැපීමේ මංගල්‍යය අද අළුයම ගැටඹේ තොටේදී සිදු කෙරුණි.
අද(28) පස්වරු 2.18ට යෙදුණු සුභ මොහොතින් දවල් පෙරහැර ආරම්භ වූයේ අස්ගිරිය ගෙඩිගේ රජමහ විහාරයේ සිටයි.
අනතුරුව දළදා මාලිගාව තුන් වරක් ප්රදක්ෂිණා කිරීමෙන් අනතුරුව මාළිගාවේ පෙරහැර දළදා මාළිගයටත් සිව් මහා දේවාල පෙරහැර ඒ ඒ දේවාල කරාත් ගමන් කළේය.
මහනුවර ඓතිහාසික දළදා මන්දිරයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ මෙවර ආරම්භ වූයේ පසුගිය 18 වැනිදායි.
ඊයේ රාත්‍රී අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කළ අතර එය දැක බලා ගැනීම සඳහා දෙස් විදෙස් සැදැවතුන් විශාල පිරිසක් මහනුවර නගරයට පැමිණියේය.
