ඉන්දීය ආරක්ෂක ඇමති ලබන මස දිවයිනට

ඉන්දීය ආරක්ෂක ඇමති දෙදින නිල සංචාරයන් සඳහා ලබන මස දිවයිනට

by Staff writer 25-08-2026 | 11:01 AM

COLOMBO(News1st) - ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් ලබන සැප්තැම්බර් මාසයේ 9 සහ 10 යන දෙදින මෙරට නිල සංචාරයක නිරත වන බව වාර්තා වේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් "ද හින්දු" පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ සංචාරය අතරතුර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සමග සාකච්ඡාවල නිරත වීමට නියමිත බවයි..

එහිදී ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව පිලිබඳ වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී දිවයිනට පැමිණි අවස්ථාවේදී අත්සන් තැබුණු "ඉන්දීය - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුම" ක්‍රියාත්මක කිරීම පිලිබඳ සමාලෝචනයක්ද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ නිල සංචාරය අතරතුර සිදුකිරීමට නියමිතයි.