වියළි කාලගුණයෙන් ගොවි ඉඩම් අක්කර 10,000කට බලපෑම්..

වියළි කාලගුණයෙන් ගොවි ඉඩම් අක්කර 10,000කට බලපෑම්....

by Staff writer 24-08-2026 | 9:17 AM

COLOMBO (News 1st) - වියළි කාලගුණය හේතුවෙන් ගොවි ඉඩම් අක්කර දස දහසකට පමණ බලපෑම් එල්ලවී ඇතැයි නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විට එම ඉඩම් නිරීක්ෂණය කරමින් පවතින බවයි.

ඒ අනුව සිදුවූ වගා හානි වෙනුවෙන් වන්දි ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.