දෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ...

by Staff writer 24-08-2026 | 11:48 AM

COLOMBO (News 1st) - මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද (24) රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.

අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙන්නේ, ලබන 27 වැනිදායි.

එමෙන්ම පෙරහැර කාලසීමාවේ ආරක්ෂක හා රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

දළදා මාලිගාවෙන් ආරම්භ වන පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය, කොටුගොඩැල්ල වීදිය, ඩී එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත දළදා මාලිගාවට පැමිණීමට නියමිතයි.

දෙවන රන්දෝලි පෙරහැර අද පස්වරු 7 ට ගමන් ආරම්භ කිරීමට නියමිත වේ.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්න ලෙස පොලීසිය ජනතාවට දැණුම් දෙයි.