විවිධ වැටලීම්වලින් පුද්ගලයින් 181,949ක් අත්අඩංගුවට

වසරේ ගතවූ කාලය තුළ ආරක්ෂක අංශ සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 181,949 දෙනෙකු අත්අඩංගුවට - අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

by Staff writer 22-08-2026 | 10:40 AM

COLOMBO (News 1st) - වසරේ ගතවූ කාලය තුළ ආරක්ෂක අංශ සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් එක් ලක්ෂ 81,949  දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ, 

හෙරොයින් සමග පුද්ගලයින් 58,737 දෙනෙකු, 
ගංජා හා කේරල ගංජා සමග පුද්ගලයින් 41,216 දෙනෙකු, 
කොකේන් සමග 155 දෙනෙකු, 
හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 4,280 දෙනෙකු 
අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අයිස් සමග පුද්ගලයින් 72,190 සහ මත්පෙති සමග පුද්ගලයින් 5,371 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එම වැටලීම්වලදී ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1246 යි ග්‍රෑම් 449 කි.

ගංජා හා කේරල ගංජා කිලෝග්‍රෑම් 4897 යි ග්‍රෑම් 944 ක්ද , කොකේන් කිලෝග්‍රෑම් 268 යි 459 ක්ද හෑෂ් හා කුෂ් කිලෝග්‍රෑම් 756 යි ග්‍රෑම් 559 ක්ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 998 යි ග්‍රෑම් 666 ක්ද එම කාලය තුළ ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පැවසුවේ, වසරේ ගතවූ කාලය තුල කළ වැටලීම්වලින් මත්පෙති කිලෝග්‍රෑම් 10,415 ක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර මත්පෙති 27,82,515 ක් ඒ අතර වන බවයි.