.webp)
-622358.jpg)
ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.
සියලු කටයුතු සිදු කෙරුණේ නන්දාමාලිනියන්ගේ අවසන් කැමැත්ත අනුවයි.
අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පස්වරුව වන තෙක් වැල නොකැඩී විශාල පිරිසක් පැමිණියේ ය.
ඇයගේ දේහය මහජන ගෞරව සඳහා තැන්පත් කර තිබුණේ නුගේගොඩ විජයබා මාවත නන්දා මාලිනි සංගීත ආශ්‍රමයේයි.
ජනාධිපති අනුර කුමර දිසානායක ඊයේ රාත්‍රියේ දේහයට අවසන් ගෞරව දැක්වූවේ ය.
දේහයට මහජන ගෞරවය සඳහා අවස්ථාව හිමි වූයේ ඊයේ පෙරවරු 10 සිටයි.
නන්දා මලිනියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලඥයින්, රසිකයින් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ සිටියේ ය.
දේහයට අවසන් ගෞරව දැක්වීමට ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පැමිණියේ ය.
අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් අද පෙරවරු 10ට ආරම්භ වුණේ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ය.
