.webp)

COLOMBO (News 1st) - පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරනු ලබන පොලිස් නිශ්කාශන සහතිකපත් බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වන මහලේ ස්ථාපිත පොලිස් නිශ්කාශන අංශය මගින් නිකුත් කරනු ලබයි. එම නිශ්කාශන සහතිකපත් අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතිකපත්ර මුද්රණය කිරීම දත්ත පද්ධතියක් මගින් සිදුකරනු ලබන අතර මෙම පද්ධතිය 2026.08.20 දින දහවල් සිට අක්රිය වී ඇත.
මෙම පද්ධතිය කඩිනමින් සක්රිය කරන තෙක් නිශ්කාශන වාර්තා ලබා ගැනීම සඳහා අයදුම්කරුවන්ට පහත සඳහන් තාවකාලික ක්රමවේදය අනුගමනය කළ හැක.
www.police.lk පොලිස් වෙබ් අඩවියට පිවිස Download Application Click කර අයදුම්පත භාගත කර සම්පූර්ණ කර ජාතික හැඳුනුම්පතේ හා විදේශ ගමන් බලපත්රයේ ඡායා පිටපත් සමඟ පහත විද්යුත් ලිපිනයට යොමු කිරීමට හැකියාව ඇත.
අදාළ නිවේදනය පහතින්
