ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු අද ඇරඹේ...

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අද සිට..

by Staff writer 20-08-2026 | 7:40 AM

COLOMBO (News 1st) - වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අද (20) සිට ආරම්භවේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවේ, ඒ සඳහා දිවයින පුරා ඇගයීම් මධ්‍යස්ථාන 48ක් ක්‍රියාත්මක බවයි.

ඇගයීම් මණ්ඩල 380 ක් යටතේ ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදුකෙරෙන බවත්, ඇය සඳහන් කළේ ය.

සිංහල මාධ්‍යයෙන් පළමු හා දෙවන ප්‍රශ්න පත්‍ර සඳහා යොදවා ඇති මණ්ඩල ගණන 142ක්.

දෙමළ මාධ්‍යයෙන් උත්තර පත්‍ර ඇගයීම් මණ්ඩල 48 බැගින් යොදවා ඇත.

විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, සැප්තැම්බර් 9 වැනිදා හෝ ඊට පෙර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.