මහපොළ අරමුදලෙන් නව තොරතුරු පද්ධතියක්...

මහපොළ භාරකාර අරමුදලෙන් සරසවි සිසුන්ට නව තොරතුරු පද්ධතියක්...

by Staff writer 20-08-2026 | 11:23 AM

COLOMBO (News 1st) - මහපොළ භාරකාර අරමුදල විසින් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නව තොරතුරු පද්ධතියක් හඳුන්වාදී තිබේ.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ සඳහන් කළේ, ඊට මහපොළ ශිෂ්‍යත්ව මුදල් ලබාදීම සම්බන්ධව සියලු තොරතුරු ඇතුළත් වන බවයි.

mahapola.lk වෙබ් අඩවිය හරහා මේ මාසයේ සිට එම පද්ධතිය සිසුන්ට විවෘත වනු ඇත.