.webp)

COLOMBO (News 1st) -
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදේශ රටවලට නීතිවිරෝධීව පිටකිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට පත් සැකකාර පෞද්ගලික බැංකු සේවකයින් හතරදෙනෙකු ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරිණ.ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුවයි.
පසුගියදා අත්අඩංගුවට ගත් එම පෞද්ගලික බැංකු සේවකයින් හතරදෙනා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
භාණ්ඩ ආනයනය කරන බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදෙස් ගත කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
