.webp)
 (5)-622216.jpg)
මේ වන විට දේහය මහජන ගෞරවය සඳහා වැල්ලවත්ත සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.
පෙරේදා (18) පස්වරුවේ ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 76 කි.
1950 වසරේ දී මොරවක රඹුකනදී උපන් උන් වහන්සේ මෙරට බොදු බැති ගී කලාවට සුවිශේෂී සේවාවක් ඉටු කළ යථිවරයාණන් වහන්සේ නමකි.
ලා දළු බෝපත්, පිහිටක් නැති සරණක් නැති,හිමි සනරාමර ,සෙනෙහස පුදා,පිපෙනා මලකට,සියක් ආයු ලැබ ආදී ගී රැසක් උන්වහන්සේ විසින් මෙරට ගී ක්ෂේත්රයට දායාද කළේ ය.
රඹුකන සිද්ධාර්ථ හිමියන් හොඳම ගීත රචනය වෙනුවෙන් සරසවි ඇතුළු සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබූ අතර කලක් ශ්රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.
