.webp)

COLOMBO (News 1st) -
අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති අතාවුල්ලා අහමඩ් සකී ලබන පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.ඒ අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
ඔහු අත්අඩංගුවට ගැනුණේ 2021 වසරේදී මහ නගර සභා සේවිකාවක් තම කාර්යාලය තුළදී දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදළාවයි.
අදාළ කාන්තාව පසුගිය ජූලි මාසයේ සිය දිවි හානි කර ගැනීමට තැත් කළ අවස්ථාවේදී රෝහල් ගත කිරීමෙන් අනතුරව පොලිසියට කළ පැමිණිල්ලක් මගින් එම සිද්ධිය අණාවරණ වී තිබේ.
32 හැවිරිදි අදාළ කාන්තාව පොලිසියට පවසා ඇත්තේ තමන් දූෂණය කළ සැකකරු ඉන් පසු අවස්ථා කිහිපයකදිම බිය වද්දා දූෂණය කළ බවයි.
43 හැවිරිදි අතාවුල්ලා අහමඩ් සකී හිටපු අමාත්‍යවරයෙකු ඒ එල් එම් අතාවුල්ලාගේ පුත්‍රයායි.
