.webp)
 (3)-622143.jpg)
නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ, චීනයේ ඊ - හැංග් සමාගම විසින් එය මෙරට ක්‍රියාත්මක කරන බවයි.
එහි නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
පළමු අධියරේදී කොළඹ සිට දකුණු වෙරළ තීරයේ ස්ථාන දක්වාත් කටුනායක සිට වරාය නගරය දක්වාත් එම ඩ්‍රෝන යානා සේවාව ක්‍රියාත්මක කරනු ඇති.
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටත්, හදිසි ආපදා සේවා සඳහා යොදාගැනීමත්, සමුද්‍රීය ක්ෂේත්රය තුළ නාවික අවශ්‍යතා සපයා ගැනීමටත් එමගින් හැකියාව ලැබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ප්‍රධාන පාලන මැදිරියක සිට එම ඩ්‍රෝන යානා ස්වයංක්‍රීයව පාලනය කරන අතර, AI තාක්ෂණය ඒ සඳහා යොදාගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
