ජල හිඟයෙන් 73,000කට පීඩා...

ජල හිඟයෙන් පීඩාවට පත් පිරිස 73,000 ඉක්මවයි, පීඩාවට පත්වූවන්ට සහන සලසන්න රුපියල් මිලියන 4,800ක් වෙන් කරයි..

by Staff writer 19-08-2026 | 10:06 AM

COLOMBO (News 1st) - වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක පහක පුද්ගලයින් 73,000 කට අධික සංඛ්‍යාවක් ජල හිඟයට මුහුණ දී ඇති බව, ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සඳහන් කළේ, වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට රුපියල් මිලියන 4,800 ක් වෙන් කර ඇති බවයි.