සමිට්පුර චතු දිවයිනට රැගෙන එයි.

රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සම්ට්පුර චතූ දිවයිනට රැගෙන එයි.

by Hashini De Mel 18-08-2026 | 8:41 AM

COLOMBO(News1st) - රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන දිමුතු චතුරංග නොහොත් සමිට්පුර චතු නැමැත්තා අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කළේ, ඕමානයේ සිට ඔහු මෙරටට රැගෙන විත් ඇති බවයි.

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරුවන්ට පහසුකම් සැපයීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවට චෝදනා එල්ල වේ.

ඊට අමතරව ඔහු මනුෂ්‍ය ඝාතන, බරපතල අපරාධෙ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ බෝම්බයක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.