.webp)
-622070.jpg)
ඒ වෙනුවෙන් මේ වනෙවිට මහනුවර නගරයේ සියළු කටයුතු සූදානම් කර අවසන්.
අද සිට දින 05ක් කුඹල් පෙරහැර පැවැත්වෙන අතර ලබන 23 වනදා රන්දෝලී පෙරහැර ආරම්භ වේ.
පළමු කුඹල් පෙරහැර දැක ගැනීමට මේ වනවිටත් ජනතාව මහනුවර වීදිවලට පැමිණෙමින් සිටී
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පැවසුවේ, පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියළු පහසුකම් මේ වනවිටත් සළසා ඇති බවයි.
මේ අතර පෙරහර පවත්වන කාල සිමාව තුළ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.
මෙවර පෙරහැරේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 6200ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 564 දෙනෙකු යොදවා තිබේ.
මේ අතර ඇසළ පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගැනීම සඳහා විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක් පොලීසිය විසින් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිස “මහනුවර ඇසළ පෙරහර” යන සබැඳිය තේරීමෙන් එම පද්ධතියට පිවිසිය හැකියි.
23 වැනිදා සිට 27 වැනිදා දක්වා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරිමට නියමිතයි.
28 වැනිදා දිවා පෙරහැරෙන් පසුව ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍ය නිමාවට පත්වනු ඇති.
