.webp)
-622089.jpg)
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරුවේ වැසි ඇති විය හැකියි.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු , උතුරු මැද වයඹ සහ දකුණු පලාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 30- 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මුලතිවු, වව්නියා, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම, අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළිමහන් කටයුතු වල නිරත වන ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
