.webp)
-622034.jpg)
පොලීසිය සඳහන් කළේ, කොළඹ මුහුදු මාවතේ හෝටල් පහක් තමාට හිමි බව, ඔහු ප්‍රශ්න කිරීම් වලදී ප්‍රකාශ කර ඇති බවයි.
පැය 72 ක රැඳවුම් නියෝග යටතේ සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන්නේ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ය.
මෙරටින් පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි ශිරාන් බාසික්, එරටදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුහවල් කරනු ලැබුවේ ය.
අනතුරුව ඔහු දිවයිනට රැගෙන එනු ලැබුවේ, පසුගිය සිකුරාදා රාත්‍රියේයි.
48 හැවිරිදි ශිරාන් බාසික් දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
