මාදම්පේ, මාරක රිය අනතුරේ සැකකරු අත්අඩංගුවට

මාදම්පේදී, මාරක රිය අනතුරක් සිදු කර පලා ගිය සැකකරු අත්අඩංගුවට.

by Staff writer 17-08-2026 | 3:51 PM

COLOMBO(News1st) - මාදම්පේ ප්‍රදේශයේදී, මාරක රිය අනතුරක් සිදුකර පලා ගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, CCTV දර්ශන ඔස්සේ කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඔහු පැදවූ වෑන් රථය මාදම්පේ ප්‍රදේශයේම සඟවා තිබියදී සොයා ගෙන තිබේ.

සැකකරු පැදවූ වෑන් රථයේ ගැටීමෙන්, 64 හැවිරිදි පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඊයේ(16) මිය ගියේය.

අනතුරින් පසු සැකකරු වෑන් රථයෙන්ම පලා ගොස් ඇති අතර ඔහු සොයා මාදම්පේ පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කළහ.