.webp)
-622040.jpg)
ඒ බව තහවුරු කරමින් නැවතත් JICA නියෝජිත පිරිසක් වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හමු වී ඇතැයි සඳහන් ය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන මඟී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයට පෙර ආරම්භ කිරීමට ඒ අනුව තීරණය කර තිබේ.
එම සාකච්ඡාවට JICA ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි , JICA ප්‍රධාන නියෝජිත හොන්ෂූ ශිගොඩ මහත්වරුන් ප්රමුඛ කණ්ඩායමක් එක්ව සිටියේ ය.
පසුගිය කාලයේ ආරම්භ කර නතරවුණු එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ජනාධිපතිතුමා, ජපන් රජය සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, නැවත එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ජපන් රජය එකඟතාවය පල කර තිබුණි.
අනතුරුව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා සමඟ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිතුමා සහ JICA ප්‍රධානීන් සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබුණි.
මෙම ව්‍යාපෘතියට අවශ්‍යය වන අමතර ණය පහසුකම් ලබා දීමට ගත් තීන්දුව අනුව එම වැඩ කටයුතු ද මේ වන විට අවසන් වී තිබේ.
