.webp)
-621986.jpg)
පොලීසිය සඳහන් කළේ, කොළඹ මුහුදු මාවතේ හෝටල් පහක් තමාට හිමි බව, ඔහු ප්‍රශ්න කිරීම් වලදී ප්‍රකාශ කර ඇති බවයි.
ඔහුට අයත් දේපල සම්බන්ධයෙන් මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්, විමර්ශන කණ්ඩායම් තවදුරටත් ප්‍රශ්න කරමින් පවතියි.
ඔහු පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිවිය.
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයයි.
මෙරටින් පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි ශිරාන් බාසික්, එරටදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුහවල් කරනු ලැබුවේ ය.
අනතුරුව ඔහු දිවයිනට රැගෙන එනු ලැබුවේ, පෙරේදා රාත්‍රියේ ය.
48 හැවිරිදි ශිරාන් බාසික් දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුගිය දිනවල මෙරට බන්ධනාගාරවල සිදුවූ ගැටුම් වලට ඔහුගේ යම් සම්බන්ධයක් ඇද්ද යන්න පිළිබඳව ද විමර්ශන කරන බව, පොලීසිය පැවසුවේ ය.
පොලීසිය සදහන් කළේ, 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුමට ද ඔහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
