ඉන්දුනීසියාවට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම ඉවතට

ඉන්දුනීසියාවට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කෙරේ.

by Staff writer 15-08-2026 | 8:15 AM

COLOMBO(News1st) - ප්‍රබල භූ කම්පනයත් සමග ඉන්දුනීසියාවට නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනයත් සමග සිදුවූ ආපදාවලින් පුද්ගලයින් 02 නෙකු මියගොස් ඇති බවයි.

ගොඩනැගිලි කිහිපයක් ද කඩා වැටී තිබේ.

බලධාරීන්, ජනතාවට දැනුම් දී ඇත්තේ, එම ස්ථානවලට ඇතුළු නොවන ලෙසයි.

වෙරළබඩ ප්‍රදේශවලින් තවදුරටත් ඉවත්ව සිටින්නැයි ද ජනතාවට දැනුම් දී තිබේ.

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපත ආසන්න මුහුදේ මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් හටගත්තේ මෙරට වේලාවෙන් අද(15) අලුයමයි.