.webp)
-621949.jpg)
ඒ , නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධවයි.
ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්.අයි 17සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් දෙකක් යොදවා තිබේ.
යාත්‍රාවේ සිටි නාවික හමුදා සාමාජිකයින් 11 දෙනෙකු බේරා ගෙන තිබුණි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වළාකුළුගේ සඳහන් කෙළේ, ඔවුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය රෝහලට සහ නාවික හමුදා රෝහලට ඇතුළත් කළ බවයි.
නාවික හමුදාවට අයත් සුපර් ඩෝරා මාර්ක් 3 යාත්‍රාව අනතුරට ලක්වන ආකාරය අඟුලාන වෙරළ තීරය ආසන්නයේ නිවසක සිටි පුද්ගලයකු දැක තිබුණි.
කඩිනමින් ඔහු අඟුලාන පොලිසියේ ස්ථානාධිපතිරයාට ඒ පිළිබඳ දැනුම් දී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලීසිය නාවික හමුදා සාමාජිකයින් බේරා ගැනීමට කඩිනම් මෙහෙයුමක් දියත් කර තිබුණි.
ඒ , ධීවරයින්ගේ ද සහයෝගයෙන්.
අනතුර සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් සිදු වන බව නාවික හමුදාව සඳහන් කළේය.
