.webp)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ජීවත් වන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.
එළිමහනේ අධික ලෙස වෙහෙසකාරී කටයුතුවලින් වළකින ලෙසත් වැඩිපුර ජලය පානය කරන ලෙසත් වැඩබිම්වල සේවය කරන්නන් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම දිස්ත්‍රික්කවල ජනතාවට දැනුම් දෙන්නේ කුඩා ළමුන් වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.
ඊයේ(13) දිනයේ වැඩිම උෂ්ණවත්වය වාර්තා වූයේ මොණරාගල ප්‍රදේශයෙනි.
එය සෙල්සියන් අංශක 36.6 ක් සටහන් වී තිබේ.
ත්‍රිකුණාමලය සෙල්සියස් අංශක 36.2 ක්, වව්නියාව සෙල්සියස් අංශක 35.8 ක්, මුලතිව් සෙල්සියස් අංශක 35.9 ක් හා පොලොන්නරුවෙන් සෙල්සියස් අංශක 35.6ක උෂ්ණත්වයක් ඊයේ(13) දිනයේ වාර්තා වූ බව කලාගණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
