.webp)

වැඩිහිටියන්, කුඩා ළමයින් මෙන්ම රෝගී පුද්ගලයින් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
කෙසේ වෙතත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල සහ මෙරට ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල පවතින්නේ වැසි සහ සුළං සහිත කාලගුණයක්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(14) නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වෙන්නේ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 -60ත් දක්වා වැඩි විය හැකි බවයි.
එම මුහුදු ප්‍රදේශ යාත්‍රා කිරිමේදි විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙයි.
