කන්ද උඩරට ඇසළ පෙරහැර වෙනුවෙන් කප් සිටුවයි...

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද උදෑසන යෙදුණු සුබ මොහොතින් ...

by Staff writer 13-08-2026 | 8:07 AM

COLOMBO (News 1st) - මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ කටයුතු අද (13) උදෑසන 6:17 ට යෙදුණු සුබ මොහොතින් සිව් මහා දේවාලයන්හිදී සිදු කෙරිණි.

ඒ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන් ඇතුළු සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේතුමන්ලාගේ සහභාගීත්වයෙනි.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර, මේ මස 18 වන දින මහනුවර නගරයේ වීථි සංචාරය කෙරෙනු ඇති.

පළමු රන්දෝලි පෙරහැර මේ මස 23 වන දින වීථි සංචාරය ආරම්භ වන අතර, පුරා දින 5 ක් පැවැත්වේ.

අවසාන මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 27 වැනි දිනට යෙදෙන නිකිණි පුන් පොහෝ දින වීථි සංචාරය කිරීමට නියමිතයි.