උ/පෙළ විභාගයේ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිට වී නැහැ!

උ/පෙළ විභාගයේ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිට වී නැහැ.!- විභාග කොමසාරිස් ජනරාල්වරියගෙන් දැනුම් දීමක්!

by Staff writer 13-08-2026 | 9:24 PM

COLOMBO(News1st) - හෙට දිනයට පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගයේ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරනය කරයි.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සියලුම සිසු සිසුවියන්ට දැනුම් දෙන්නේ පළවන අසත්‍ය ප්‍රකාශවලට කලබල නොවී සුපුදුරු පරිදි කාල සටහනට අනුව හෙට දිනයේදී තම විභාගයට මුහුණ දෙන ලෙසයි.