.webp)

ඒ මහාමාර්ග අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට එක්වෙමින් ය.
එහිදි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ 2022 වසරේදී නවතා දමන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙසයි.
සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කාලසීමාව තුළ නිම කරමින් ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් උරුම කර දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ 4වන අදියර යටතේ යෝජිත කුරුණෑගල - ගලේවෙල මාර්ගයේ සහ රුවන්පුර අධිවේගී මාර්ගයේසැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම දක්වා කොටස සහ වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම්, මධ්‍යම අධිවේගී මාර්ගයේ 3වන අදියර යටතේ ක්‍රියාත්මක පොතුහැර - ගලගෙදර දක්වා කොටස ඇතුළු අධිවේගී මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතියද සාකච්ඡාවේදි සමාලෝචනය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.
දිවයින පුරා මහාමාර්ග නඩත්තු කිරීමේ වැඩසටහන පිළිබඳවද සාකච්ඡා වූ අතර මාර්ග වසර 10කින් අලුත්වැඩියා කළ යුතු වුවද, බොහෝ මාර්ග වසර 15කට වැඩි කාලයක් අලුත්වැඩියා නොකිරීම නිසා ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයක් මතුව ඇති බව අමාත්‍යාංශ නිලධාරීන් එහිදී පෙන්වා දුන්නේ ය.
එසේ වසර 15ක කාලයක් තුළ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකළ A සහ Bශ්‍රේණිය මාර්ග 130ක් පමණ ඇති බවට සාකච්ඡාවේදී අණාවරණය විය.
