.webp)
-621648.jpg)
එහිදී ගුවන්තොටුපල පොලීසියේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ, මෙම සැකකරුවන් දෙදෙනා අපරාධකරුවකු වන සයිමා නැමැත්තා සමග රැඳී සිටියදී මැලේසියාවේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවයි.
සැකකරුවන් දෙදෙනා ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කලඅතිරේක මහෙස්ත්‍රාත් සුභානි අබේසේකර වැඩිදුරටත් විමර්ශන සිදුකර ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලීසියට දැනුම් දුනි.
ලඩ්ඩු හන්දිගේ ලසන්ත ලක්මාල් සිල්වා සහ වියානගේ ඉෂාන් ශලින්ද කුමාර නමැති සැකකරුවන් මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
සයිමා නමැත්තා අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පැය 48 ක රැදවුම් නියෝග මත පේරාදෙණිය පොලිසියේ රදවා සිටී.
