.webp)

පොලීසිය පැවසුවේ, රතු නිවේදන නිකුත් කර තිබූ රත්මලානේ සයිමා නැමති සැකකරු ඇතුළු තුන් දෙනෙකු සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ(10) පස්වරුවේ මෙරටට රැගෙන පැමිණි බවයි.
ඔවුන් අත්අඩංගුවට ගැනුණේ වලාන මධ්‍යම දූෂණ මර්ධක ප්‍රහාරක ඒකකය සහ මැලේසියානු පොලීසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී .
රත්මලානේ සයිමා නැමැත්තා , ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කංජිපානි ඉම්රාන් නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
රත්මලානේ පදිංචි සැකකරුගේ වයස අවුරුදු 41ක්.
2014 වසරේදී පේරාදෙණියේදී ගිනි අවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදුකිරීම.,
2016 වසරේදී පේරාදෙණිය ප්‍රදේශයේදීම පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු පවරා තිබේ.
සැකකරු මැලෙසියාවේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සමග මෙරටට රැගෙන ආ රත්මලානේ පදිංචි අවුරුදු 35ක සහ 31 වයසැති පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශනය ක්‍රියාත්මකයි.
