.webp)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කළේ, කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මත්ද්‍රව්‍ය සපයන බවට අනාවරණ වී ඇති බවයි.
අදාළ බන්ධනාගාර නියාමකවරයාට මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයෙකු ගල්කිස්ස අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය තමා බන්ධනාගාර නියාමකවරයාට ලබාදෙන බවයි.
ඒ බව පොලීසිය කරන පරික්ෂාවේදි අනාවරණ වී තිබේ.
ඒ අනුව බන්ධනාගාර නියාමකවරයා සැකකරුගෙන් මත්ද්‍රව්‍ය ලබාගැනිමට පැමිණි අවස්ථාවේදි අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
එම අවස්ථාවේදී හෙරෝයින් ග්‍රෑම් 20ක් සහ අයිස් ග්‍රෑම් 100 ක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකු වන අතර සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා සතියක කාලයක සිට සේවයට නොපැමිණෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චේනක පල්ලෙතැන්න සඳහන් කළේය.
