ප්‍රදේශ රැසකට අදත් වැසි...

ප්‍රදේශ රැසකට අදත් වැසි...

by Staff writer 11-08-2026 | 8:38 AM

COLOMBO (News 1st) - සබරගමුව පලාත, මහනුවර ,නුවරඑලිය ,ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඔ පලාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි  

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මාතර සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 - 60ත් දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිලිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙසයි