පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ට ඇප...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඇප මත මුදාහැරීමට අධිකරණයෙන් නියෝග!

by Staff writer 10-08-2026 | 7:17 PM

COLOMBO (News 1st) - කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය, අත්අංඩගුවට ගත් පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස අද(10) නියෝග කළේ ය.

ඒ , රුපියල් ලක්ෂ 20 බැගින්වූ ශරීර ඇප දෙකක් මතයි.

සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, අද(10) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ, පොලිස්පතිවරයා මහ මඟදී ඝාතන තැතක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.