.webp)

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසුවේ ඒ සඳහා සිසුසැරිය බස් රථ 1,700 ක් පමණ යොදවා ඇති බවයි.
මේ අතර උසස් පෙළ විභාගය අවසන් වන තුරු පාසල් බස් සේවා සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය පැවසුවේ විභාගය හේතුවෙන් පාසල් බස් සේවා අඛණ්ඩව ධාවනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.
මේ අතර විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අවලංගු කිරීමකින් තොරව, සාමාන්‍ය කාලසටහන් යටතේ දුම්රිය ධාවනයට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ සෙනසුරාදා දිනවල විභාගය පැවැත්වෙන කාලසීමාවේ සිදුකෙරෙන දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
