අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමකට 4ක් අත්අඩංගුවට..

රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් 4 දෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 09-08-2026 | 2:38 PM

COLOMBO(News1st) - රත්මලානේ නිවසකට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මොරටුව සහ රත්මලාන ප්‍රදේශවලදී ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත එය සිදුකර ඇතැයි මේ වන විට අනාවරණය වී තිබේ.

අත් බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට හේතුව, සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් බව, පොලීසිය සඳහන් කළේ ය.

රත්මලානේ නිවසකට එලෙස අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණේ, පසුගිය 5 වැනිදායි.