.webp)

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ බන්ධනාගාර කිහිපයක ඇතිවු සිද්ධින් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
මේ අතර මැගසින්, කුරුවිට බන්ධනාගාරවල හා පල්ලන්සේන එළිමහන් සිරකදවුරේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ඒ.සී.ගජනායක පැවසුවේ, මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව යොදවා එම ආයතනවල ආරක්ෂාව තර කර ඇති බවයි.
මේ අතර පෙරේදා(06) මධ්‍යම රාත්‍රියේ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් එකොළොස් දෙනෙකු බන්ධනාගාර රෝහල වෙත යොමුකල බවත් රැඳවියන් නම දෙනෙකු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කිරීමට පියවර ගත් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
නව මැගසින් හා කුරුවිට බන්ධනාගාරවල සහ මීගමුව පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේ නොසන්සුන්තාවයන් අතරතුර මියගිය රැඳවියන් සංඛ්‍යාව 3කි.
තුවාල ලැබු සංඛ්‍යාව 77කට ආසන්නයි.
පසුගිය ජුලි මස 5 වැනිදා මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන්ද තිස් දෙදෙනෙකු මියගොස් 100 කට අධික පිරිසක් තුවාල ලැබීය.
රැඳවියන් මුහුණ දී සිටින ගැටලු සහ ඔවුන්ගේ සුභසාධන කටයුතු මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
එම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීයි.
