ලලිත් කූගන් නඩුව: සාක්ෂි දෙන්නැයි ගෝඨාභයට නියෝග

ලලිත් කූගන් නඩුවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට Online ඔස්සේ සාක්ෂි දෙන්නැයි යාපනය මහේස්ත්‍රාත්වරයාගෙන් ගෝඨාභයට නියෝග

by Staff writer 07-08-2026 | 3:24 PM

COLOMBO (News 1st) - ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලව ලබන මස 29 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිට ඔන්ලයින් ක්‍රමයට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සාක්සි ලබා දෙන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

ඒ අද යාපනය ප්‍රධාන ප්‍රධාන මහේස්ත්‍රාත් එස් ලෙනින් කුමාර් හමුවේ අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ය.

2011 වසරේ දෙසැම්බර් මස 10 වැනිදා යාපනය ආවරංකාල් ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වෙයි.

එවකට ගෝඨභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ ය.