.webp)
-621401.jpg)
එම කමිටු හරහා බන්ධනාගාර ආශ්‍රිතව ඇති විය හැකි ඕනෑම තත්වයකට මුහුණ දිමට අවශ්‍ය පියවර හඳුනා ගැනෙනු ඇති.
ජනාධිපති අනුර කුමාර දිසානයක සමග පැවති සාකච්ඡාවකදී එම කමිටු පිහිටුවීමට තීරණය කර තිබේ.
එම සාකච්ඡාව අධිකරණ හා මහජන ආරක්ෂක අමාත්‍යවරුන්, ආරක්ෂක ලේකම්වරයා, මහජන ආරක්ෂක ලේකම්වරයා ,පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් සභභාගි විය.
අදාළ කමිටු පොලිසීය, බන්ධනාගාර නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිද හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත වනු ඇති.
කමිටු පිහිටුවීම ඉදිරි සතිය ඇතුළත සිදු කරන ලෙසටද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.
එම කටයුතු මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පිහිටුවනු ඇති.
