පැතුම් සහ චමරි සම්මානයෙන් පිදුම් ලබයි!

පැතුම් නිස්සංක සහ චමරි අතපත්තු 2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන දිනා ගනී.

by Staff writer 07-08-2026 | 9:28 AM

COLOMBO (News 1st) - ඊයේ(06) කොළඹදී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී පැතුම් නිස්සංක සහ චමරි අතපත්තු 2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්හ.

2025 වසරේ ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහිදී ඇගයීමට ලක් කෙරුණි.

සම්මාන රාත්‍රිය පැවැත්වුණේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්, ක්‍රිකට් ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්විය.

අන්තර් සමාජ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ හොඳම පිතිකරු සහ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ යොවුන් ක්‍රීඩක විශේන් හැලඹගේයි.

කාන්තා පන්දුවාර 20යි 20 සහ එක් දින අංශවල සම්මාන 5ක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායක චමරි අතපත්තුට හිමි විය.

හොඳම එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන ලබාගත්තේ වනිඳු හසරංගයි.