වැල්ලවත්තට සහ පාමංකඩට අද රාත්‍රියේ ජල කප්පාදුවක්.

වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවලට අද රාත්‍රියේ පැය 7ක ජල කප්පාදුවක්....

by Staff writer 06-08-2026 | 9:28 PM

COLOMBO (News 1st) - වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවලට අද (06) රාත්‍රී 10.00 සිට පැය 7ක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

මහ කොළඹ ජල හා අපජල කළමණාකරන ව්‍යාපෘතියේ වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහනට සමගාමීව සිදුකරන ව්‍යාපෘතියෙහි අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුතු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.