හෙට සිට යළිත් වැසි වැඩිවන බවට අනාවැකි.

හෙට සිට යළිත් වැසි වැඩිවන බවට අනාවැකි.

by Staff writer 05-08-2026 | 7:30 AM

COLOMBO(News1st) - සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේත් මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ, හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වය යළිත් වැඩිවිය හැකි බවයි.

කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද පෙරවරු 7ට යළි විවෘත කිරීමට නියමිත බව ජලාශය භාර ඉංජිනේරු අනුර සෙනෙවිරත්න සඳහන් කළේය.

මේ අතර, මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සදහා පැන වූ නායයෑමේ රතු නිවේදනය තවදුරටත්  බලාත්මකයි.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්බාගේ කෝරළේ

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රදේශ සඳහා නායයාම් රතු නිවේදන නිකුත් කෙරුණි.

මේ අතර පවතින අධික වැසි හේතුවෙන්, හැටන් අධ්‍යාපන කලාපයේ සියළු පාසල් අදත් වසා දැමීමට තීරණය කර තිබේ.

කෙසෙවෙතත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සෙසු පාසල් අද සාමාන්‍ය පරිදි විවෘත කෙරෙනු ඇති.

මේ අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා  මුහුදු ප්‍රදේශ තවදුරටත් විටින් විට රළු හෝ ඉතා රළු විය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසේ.

දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙන්නේ එබැවින්, එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි